ආසියා – පැසිෆික් කලාපයේ මෝටර් රථ මූල්‍යකරණයේ විශිෂ්ටයා ලෙස HNB සම්මාන දිනයි

Date:

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය බැංකුකරණ විශිෂ්ටත්වයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් වූයේ Asian Banker Global Excellence in Retail Financial Services සම්මාන උළෙලේදී සම්මානයකින් පිදුම් ලබමිනි. එම සම්මාන උළෙලේදී ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මෝටර් රථ මූල්‍යකරණ සේවාවට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ හැටන් නැෂනල් බැංකුවයි.

දීප ව්‍යාප්ත ගනුදෙනුකරුවන් හට තමන්ගේම වාහනයක හිමිකරුවන් බවට පත්වීමට පහසුකම් සැලසීම සඳහා සිදු කළ කැපවීම හේතුවෙන් මෙම සම්මානය දිනා ගැනීමට HNB හට හැකියාව උදා විය. එම සේවාව ලබා දීමේදී Browns, DIMO, Hayleys, Lanka Commercial Trading, Singer, AMW සහ Agstar Agribusinesses යන හවුල්කරුවන් සමඟ එක්ව අගය එකතු කළ ලීසිං සේවාවන් සමඟින් ගොවි ජනතාව සවිබල ගැන්වීම හා නගා සිටුවීම අරමුණු කොට ගනිමින් ඔවුන් වෙත සුවිසල් සහයෝගයක් ලබා දීමට HNB කැපවී කටයුතු කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ “සෑම ශ්‍රී ලාංකිකයකුගේම අපේක්ෂාව වන්නේ වාහනයක සිහිනය සැබෑ කර ගැනීමයි. අභියෝගාත්මක ආර්ථික තත්වයන් තුළ වුවද අපගේ ගනුදෙනුකරුවන්නේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා හෝ ඔවුන්ගේ ව්‍යාපාර දියුණුව සඳහා අවැසි රථ වාහන සිහින සැබෑ කර දීම සඳහා අපි සෑම විටම උත්සාහ කළා. අපගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් ඇති කැපවීම ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වූ අවස්ථාවක් ලෙස මෙය සඳහන් කළ හැකියි” යනුවෙනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ විජේමාන්න මහතා පැවසුවේ “විශේෂයෙන් අප විසින් සලසා දී ඇති කෘෂිකාර්මික වාහන සඳහා වන ලීසිං පහසුකම් ගොවීන්ගේත් සමාජයේත් දියුණුවට හේතු වී ඇති බව මෙහිදී සතුටින් මතක් කළ යුතුයි. මෙරට ආර්ථිකයට තව තවත් ශක්තියක් සපයමින් අපගේ සහයෝගය අඛණ්ඩව ලබා දීමට අපි කටයුතු කරනවා.” යනුවෙනි.

මෙම ලීසිං සේවා සලසා දීමේදී අයිඩියල් මෝටර්ස්, යුනයිටඩ් මෝටර්ස්, ඩිමෝ, මයික්‍රො කාර්, ලංකා අශෝක් ලේලන්ඩ්,AMW සහ තවත් මෙරට දැවැන්ත මෝටර් රථ සමාගම් සමඟ එක් වෙමින් වසර 7ක් සඳහා ගෙවීමේ පහසුව සහිත ආකර්ෂණීය ලීසිං පහසුකම් ලබා දීමට HNB කටයුතු කර ඇත්තේ ගනුදෙනුකරුවන් වෙත මූල්‍ය විසඳුම් රැසක් ලබා දෙමිනි. ඒ අනුව තරඟකාරී පොලී අනුපාත, වෙළෙඳපොලෙන් 25%ක ඉතිරියක් මෙන්ම මෝටර් රථ නිෂ්පාදන, අමතර කොටස්, ටයර් හා බැටරි සඳහා සුවිශේෂී වට්ටම් හිමි කර දීම, පළමු වසරේ වාර්ෂික ගාස්තුවක් නොමැති,Prestige Primeක්‍රෙඩිට් කාඩ්පත ද සිය ලීසිං ගනුදෙනුකරුවන් වෙත ලබා දීමට මෙහිදී HNB කටයුතු කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

මැර ප්‍රහාරය එල්ලවූ එජාප කාර්යාලය බලන්න හරින් දඹුල්ලට

විපක්ෂයේ මැර කණ්ඩායමක් විසින් මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල නව පාදෙනිය...

සදා නොනිමෙන මහා පහන් ටැඹ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

(මේ වසරේ ජූනි 3 වැනිදාට යෙදුණු 110 වැනි ජන්ම...

වයසට ගියා කියල නෑ: ව්‍යායාම අවශ්‍යමයි

දැන් ඉතින් අපි වයසයිනේ. මොන ව්‍යායාමද? ඔය තරුණ කෙල්ලෝ...

ගාසා තීරයේ පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 16ක් මරුට

ගාසා තීරයේ පාසලකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 16...